ශ්‍රී ලංකාව අද(26) පස්වරුවේ එංගලන්තය සමග තරගයේ දී ප්‍රධාන තුරුම්පුව ලෙස දඟපන්දු යවන්නකු භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා.
විස්‌සයි විස්‌ස තරගවලදී කොතරම් ලකුණු ප්‍රමාණයක් ලබා ගත්තත් එය හඹා යෑමට ඕනෑම කණ්‌ඩායමකට හැකි නිසා මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
කණ්‌ඩායමේ සිටින ප්‍රධානතම පන්දු යවන්නා වන රංගන හේරත් ඒ සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා පිල තීරණය කර තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් ද ඊයේ(25)මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණා.
''රංගන හේරත් අද ලෝකයේ ඉන්න විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙක්. ඔහු දන්නවා ඕනෑම පීඩනයක් හසුරුවමින් පන්දු යවන්න" යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබුණා.

No comments:
Post a Comment