Friday, March 25, 2016

සිංහයන්ට අවසන් පූර්ව වටයට යන්න අනිවාර්යයෙන්ම කලයුතු දේ මෙන්න​


                                                 
  විස්සයි විස්ස තරඟාවලියේ පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව හෙට (26 දා) පැවැත්වෙන එංගලන්තය සමඟ තරගයත් ලබන 28 වැනිදා පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ තරගයත් අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා. හෙට තරඟයෙන් එංගලන්තය යම් සේ ජයගත හොත් පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගන්නා පළමු කණ්‌ඩායම බවට එංගලන්තය පත් වෙනු ඇති.

එංගලන්තය හොඳින් තරඟ වැදීම සඳහා අතිරේක දඟ පන්දු යවන්නෙක්‌ බොහෝ දුරට ශ්‍රී ලංකා පිලට කැඳවීමේ වැඩි උවමනාවක් ඇති බවයි ශ්‍රී ලංකා නායකයා පවසන්නේ. 

අද සවස්‌ වරුවේදී දිල්ලි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම දිල්ලි නුවරට පැමිණීමෙන් පසුව මෙම ක්‍රීඩාංගණයේදී සහභාගි වන පළමු පුහුණු සැසියද මෙය වේ. දිල්ලි තණතීරුව දඟ පන්දු යවන්නන්ට තෝතැන්නක්‌ බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්ම එංගලන්ත ක්‍රීඩකයන් මේ වන විටත් හොඳින් අවබෝධ කර ගෙන සිටින කරුණකි. 

හෙට තරගයේදී රංගන හේරත්, සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩ්‍සේ යන තිදෙනාම ක්‍රීඩා කරවීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇතත් පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට කැඳවා තිබෙන ෂෙහාන් ජයසූරියගේ තුන් ඉරියව්වම මෙම තරගය සඳහා යොදා ගැනීම පිළිබඳවද ශ්‍රී ලංකා නායකයා සලකා බලණු ඇති.

පළමු කාණ්‌ඩයෙන් අපරාජිතව තරග දෙකම ජයගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව්වන් අද (25 දා) දකුණු අප්‍රිකාව පරාජය කළහොත් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට සමත් වේ. එසේ වුවහොත් දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව තරග අවස්‌ථාව සිහිනයක්‌ බවට පත්වන අතර ඔවුන්ට ඒ සඳහා බලාපොරොත්තු රඳවා ගැනීමට හෙට ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායම පරාජය කල යුතුම වෙනවා.

No comments:

Post a Comment