Friday, March 25, 2016

පෝදා මල් වට්ටියකුත් අරන් සිල්ගන්න ගිහින් මාරයාට බිලිවූ පුංචි ඉමල්ක ගමක් හඬවමින් අවසන් ගමන් යයි

පෝදා මල් වට්ටියකුත් අරන් සිල්ගන්න ගිහින් මාරයාට බිලිවූ පුංචි ඉමල්ක ගමක් හඬවමින් අවසන් ගමන් යයි...














ඒ විදිහට පසුගියදා සිල් සමාදන්වෙන්න විහාරස්ථානයට යමින් සිටි කාන්තාවන් දෙදෙනා සහ පුංචි දරුවා පුත්තලම - සාලියවැව ප්‍රදේශයේදී ලොරියකට යටවෙලා ජීවිතේ දාලා ගියේ පසුගිය 22 වැනිදා උදේ.උදේ 6.30ට විතර පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලියවැව දී මෙම අනතුර සිදුවූ අතර, අනතුරින් මියගියේ වයස අවුරුදු 62ක් පමණ වන කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 12ක පිරිමි දරුවෙක් 
මේ පුංචි ඉමල්ක මේ විදිහට ජීවිතෙන් ඈත්වෙයි කියලා කවදාවත් එයාගේ අම්මයි,තාත්තයි හීනෙකින්වත් හිතන්න නැතිව ඇති..

හැමෝගෙම හිත්වලට දුකක් එකතුකරමින් ඊයේ මේ තුන්දෙනාම අවසන් ගමන් ගියේ මුළු ගමම හඬවමින්මියගිය තිදෙනාගේ දේහයන් ආගමික වතාවත්වලින් පස්සේ සාලියවැව නීලබැම්ම පොදු සුසාන භූමියේදී මිහිදන් කළේ එකම ස්ථානයකයි කාගෙත් ඇස්වලට කඳුලක් එක්කළ මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් තිදෙනාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට ලොකු පිරිසක් එකතුවෙලා හිටියා.










No comments:

Post a Comment