Saturday, March 26, 2016

බලන්නකෝ මේ පොඩ්ඩි මොකක්ද තේරුන් කරලා දෙන්නේ කියල ලස්සනට...

බලන්නකෝ පොඩ්ඩි මොකක්ද   මේ ලස්සනට තේරුන් කරලා දෙන්නේ කියල...








මෙන්න අද පැවැත්වෙන තරගයේ කණ්ඩායම් දෙක අතර දළ විශ්ලේෂණය හා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්

මෙන්න අද පැවැත්වෙන තරගයේ ශ්රී ලංකාව හා එංගලන්තය  කණ්ඩායම් දෙක අතර දළ විශ්ලේෂණය  හා  කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්





අද තරගයේ තුරුම්පුව හේරත් - තරගය දිනවන සැළැස්ම මෙන්න



ශ්‍රී ලංකාව  අද(26) පස්වරුවේ එංගලන්තය සමග තරගයේ දී ප්‍රධාන තුරුම්පුව ලෙස දඟපන්දු යවන්නකු භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා.


විස්‌සයි විස්‌ස තරගවලදී කොතරම් ලකුණු ප්‍රමාණයක්‌ ලබා ගත්තත්‍  එය හඹා යෑමට ඕනෑම කණ්‌ඩායමකට හැකි  නිසා මෙම පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.


කණ්‌ඩායමේ සිටින ප්‍රධානතම පන්දු යවන්නා වන රංගන හේරත් ඒ සඳහා යොදා ගැනීමට ශ්‍රී ලංකා පිල තීරණය කර තිබෙනවා.


ඔහු සම්බන්ධයෙන් දිනේෂ් චන්දිමාල් ද ඊයේ(25)මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණා.


''රංගන හේරත් අද ලෝකයේ ඉන්න විශිෂ්ටතම දඟ පන්දු යවන්නෙක්‌. ඔහු දන්නවා ඕනෑම පීඩනයක්‌ හසුරුවමින් පන්දු යවන්න" යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබුණා.

සියල්ලන් පුදුම කරමින් ලංකාවේ වෙනස්කම් රැසක් - තීරණාත්මක එංගලන්ත තරගය අදයි





විස්‌සයි විස්‌ස ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය  අද (26) දිල්ලි කොට්‌ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.


අවසන් පූර්ව තරගයට  පිවිසීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක්‌ වන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතයි.


ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ එංගලන්තය පුදුම කරවන වෙනස්‌කම් සහිතව  තම කණ්‌ඩායම සැළසුම් සකස්‌ කර ඇති බවයි.


''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්‍ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක්‌ නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට  ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක්‌ ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක්‌ වෙනස්‌කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්‌කම් අපි ළඟ තිබෙනවා.''යැයි දිනේෂ් චන්දිමාල් සඳහන් කළා.

Friday, March 25, 2016

පාකිස්තානය හා ඕස්ට්රේලියාව අතර ඊයේ 26 25-03-2016 පැවති විස්සයි -20 ලෝක කුසලාන තරගයේ විශේෂ අවස්ථා....

පාකිස්තානය හා ඕස්ට්රේලියාව අතර ඊයේ 26 25-03-2016 පැවති විස්සයි -20 ලෝක කුසලාන තරගයේ විශේෂ අවස්ථා....



ලෝක කුසලාන T 20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති දෙවන තරඟයෙන් දකුණු අප්‍රිකාව පරාජය කළ කොදෙව්වන් පන්දු තුනක් ඉතිරිව තිබියදී කඩුළු 3න් ජය හිමි කරගත්තා.ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 122ක් රැස් කළාජයග්‍රාහී ඉලක්කය හඹා ගිය කොදෙව් පිතිකරුවන් කඩුලු 7ක් දැවී පන්දු වාර 19යි පන්දු 4දී ලකුණු 123ක් ලබාගනිමින් තරඟයේ ජය හිමි කර ගත්තා.

සිංහයන්ට අවසන් පූර්ව වටයට යන්න අනිවාර්යයෙන්ම කලයුතු දේ මෙන්න​


                                                 
  විස්සයි විස්ස තරඟාවලියේ පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට නම් ශ්‍රී ලංකාව හෙට (26 දා) පැවැත්වෙන එංගලන්තය සමඟ තරගයත් ලබන 28 වැනිදා පැවැත්වෙන දකුණු අප්‍රිකාව සමඟ තරගයත් අනිවාර්යයෙන්ම ජයගත යුතු වනවා. හෙට තරඟයෙන් එංගලන්තය යම් සේ ජයගත හොත් පළමු කාණ්‌ඩයෙන් අවසන් පූර්ව තරග අවස්‌ථාව හිමිකර ගන්නා පළමු කණ්‌ඩායම බවට එංගලන්තය පත් වෙනු ඇති.

එංගලන්තය හොඳින් තරඟ වැදීම සඳහා අතිරේක දඟ පන්දු යවන්නෙක්‌ බොහෝ දුරට ශ්‍රී ලංකා පිලට කැඳවීමේ වැඩි උවමනාවක් ඇති බවයි ශ්‍රී ලංකා නායකයා පවසන්නේ. 

අද සවස්‌ වරුවේදී දිල්ලි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පුහුණුවීම්වල නිරත වන ශ්‍රී ලංකා කණ්ඩායම දිල්ලි නුවරට පැමිණීමෙන් පසුව මෙම ක්‍රීඩාංගණයේදී සහභාගි වන පළමු පුහුණු සැසියද මෙය වේ. දිල්ලි තණතීරුව දඟ පන්දු යවන්නන්ට තෝතැන්නක්‌ බවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙන්ම එංගලන්ත ක්‍රීඩකයන් මේ වන විටත් හොඳින් අවබෝධ කර ගෙන සිටින කරුණකි. 

හෙට තරගයේදී රංගන හේරත්, සචිත්‍ර සේනානායක, ජෙෆ්රි වැන්ඩ්‍සේ යන තිදෙනාම ක්‍රීඩා කරවීමේ වැඩි අවස්‌ථාවක්‌ ඇතත් පිතිකරුවකු ලෙස කණ්‌ඩායමට කැඳවා තිබෙන ෂෙහාන් ජයසූරියගේ තුන් ඉරියව්වම මෙම තරගය සඳහා යොදා ගැනීම පිළිබඳවද ශ්‍රී ලංකා නායකයා සලකා බලණු ඇති.

පළමු කාණ්‌ඩයෙන් අපරාජිතව තරග දෙකම ජයගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව්වන් අද (25 දා) දකුණු අප්‍රිකාව පරාජය කළහොත් අවසන් පූර්ව තරග අවස්‌ථාව උදාකර ගැනීමට සමත් වේ. එසේ වුවහොත් දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව තරග අවස්‌ථාව සිහිනයක්‌ බවට පත්වන අතර ඔවුන්ට ඒ සඳහා බලාපොරොත්තු රඳවා ගැනීමට හෙට ශ්‍රී ලංකාව එංගලන්ත කණ්ඩායම පරාජය කල යුතුම වෙනවා.

මෙන්න අද ගේල් මිලර්ව දවාගෙන දාපු අමුතුම ඇක්ෂන් එක බලන්න කට්ටියම Video එකෙන්


මෙන්න අද ගේල් මිලර්ව දවාගෙන දාපු අමුතුම ඇක්ෂන් එක බලන්න කට්ටියම Video එකෙන්

චතුරිකාට පසුව රොෂාන්ගේ පෙම්වතිය සුනාලි ද..

p;=ßldg miqj
frdIdkaf.a fmïj;sh iqkd,s o @

frdIdka ms,msáh iy p;=ßld mSßia l,d f,dalfha ckm%sh fmïj;=ka hqj,la f,i l,la l;dnyg ,la jqKd'

miqj fï wdor iïnkaO;d ì£ .sh w;r bka wk;=rej frdIdkaf.a wdor iïnkaO;d ms<sn|j lafIa;%fha l;d fkdjqKq ;rï'

fï w;r frdIdka ms,msáh yd iïnkaO PdhdrEm lsysmhla iqkd,s r;akdhlf.a f*ianqla .sKqug óg meh lsysmhlg fmr tla lr ;sfnkjd'

tys i|yka jkafka zz Roshan’s Pre-Birthday Surprise Celebrations ZZ f,ihs'

fuu PdhdrEm w;r frdIdka" iqkd,s r;akdhlg flala ljk PdhdrEmhla o olakg ,efnkjd'

jáka fldkska ,efnk wdrxÑ wkqj wmg oek.kak ,enqfKa frdIdkaf.a fuu WmkaÈkfha § iqkd,s frdIdka j im%hsia lrmq njhs' l,la zikafâ ,Sv¾Z mqj;amf;a olaI udOHfõÈkshl jQ iqkd,S l,l isg mÈxÑj isákafka f,dia wekac,Sia kqjrhs' ta ksid fuh f,daka.a äiagkaia wdrïN jQ fmula jqj;a fofokd th id¾:lj ÈkQ njhs ie,'

l,ska úáka úg mekke.=kq mqj;a j,ska fy<sjqK mßÈ frdIdka iy iqkd,S {d;s ifydaor ifydaorhska njhs wdrxÑh' kuq;a fofokdf.kau udOH u.ska úáka úg ;;= úuiSfï§ Tjqka ta .ek meyeÈ,s hula lSug ue,s jQ w;r" fofokdu mejiqfõ zzkeye tfyu lsisu fohla keyeZZ hkqfjks'






කොත්මලේ ජලාශයේ වතුර හිදෙද්දී ආයෙත් මතුවුණු වැළලුණු අතීතයේ අමතකව ගිය මතක සටහන් - Photos

පවතින වර්ෂාව රහිත කාළගුණයත් සමඟින් කොත්මලේ ජලාශයේ ජල මට්ටමද 25% දක්වා පහළ බැස තිබෙනවා. ඒ නිසාවෙන් ජලාශය ඉදි කිරීමේදී ඊට යටවූ පැරණි විහාර හා ගම්මාන රැසක් යළිත් පොළොව මතුපිට දක්නට ලැබෙනවා





කොත්මලේ ජලාශයේ වේල්ල අසළ ඇති කඩදොර විහාරය වැදපුදා ගැනීමට සහ නැරඹීමට ජනතාව එම ස්ථානයට පැමිණෙමින් සිටිනවා මධ්‍යම කඳුකරයට බලපා ඇති වියළි කාලගුණයෙන් හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටමටද බලපෑම් එල්ල වී තිබෙනවා
ජල මට්ටම ශීඝ්‍රෙයන් පහළ යාම හේතුවෙන් ජලාශය ඉදි කිරීමේදී යටවුණු පැරණි තෙල්දෙනිය නගරය යළි දැක ගැනීමේ අවස්ථාව උදා වී තිබෙනවා











පෝදා මල් වට්ටියකුත් අරන් සිල්ගන්න ගිහින් මාරයාට බිලිවූ පුංචි ඉමල්ක ගමක් හඬවමින් අවසන් ගමන් යයි

පෝදා මල් වට්ටියකුත් අරන් සිල්ගන්න ගිහින් මාරයාට බිලිවූ පුංචි ඉමල්ක ගමක් හඬවමින් අවසන් ගමන් යයි...














ඒ විදිහට පසුගියදා සිල් සමාදන්වෙන්න විහාරස්ථානයට යමින් සිටි කාන්තාවන් දෙදෙනා සහ පුංචි දරුවා පුත්තලම - සාලියවැව ප්‍රදේශයේදී ලොරියකට යටවෙලා ජීවිතේ දාලා ගියේ පසුගිය 22 වැනිදා උදේ.උදේ 6.30ට විතර පුත්තලම අනුරාධපුර මාර්ගයේ සාලියවැව දී මෙම අනතුර සිදුවූ අතර, අනතුරින් මියගියේ වයස අවුරුදු 62ක් පමණ වන කාන්තාවන් දෙදෙනෙකු සහ වයස අවුරුදු 12ක පිරිමි දරුවෙක් 
මේ පුංචි ඉමල්ක මේ විදිහට ජීවිතෙන් ඈත්වෙයි කියලා කවදාවත් එයාගේ අම්මයි,තාත්තයි හීනෙකින්වත් හිතන්න නැතිව ඇති..

හැමෝගෙම හිත්වලට දුකක් එකතුකරමින් ඊයේ මේ තුන්දෙනාම අවසන් ගමන් ගියේ මුළු ගමම හඬවමින්මියගිය තිදෙනාගේ දේහයන් ආගමික වතාවත්වලින් පස්සේ සාලියවැව නීලබැම්ම පොදු සුසාන භූමියේදී මිහිදන් කළේ එකම ස්ථානයකයි කාගෙත් ඇස්වලට කඳුලක් එක්කළ මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන් තිදෙනාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට ලොකු පිරිසක් එකතුවෙලා හිටියා.










Thursday, March 24, 2016

නූලෙන් බේරුණු මැච් එක ගැන අහපු ප්‍රශ්නය නිසා දෝණිට යකා ආවේශ වුණු හැටි - වීඩියෝ

නූලෙන් බේරුණු මැච් එක ගැන අහපු ප්‍රශ්නය නිසා දෝණිට යකා ආවේශ වුණු හැටි - වීඩියෝ

ඊයේ (23) මැච් එක 99න් බේරගත්ත එක ගැන තිබ්බ මාධ්‍ය සාකච්ඡාවකදී එතන හිටපු කෙනෙක් අහපු ප්‍රශ්නයක් නිසා ඉන්දීය නායක දෝණිට පොඩ්ඩක් තරහා ගිහින් කියලා මේ වෙනකොට හැමතැනම කතා වෙනවා. 

ඒ වෙලාවේ මාධ්‍යවේදියා අහලා තියෙන්නේ  අන්තිම මොහොතේ තියුණු තරගයකින් පස්සේ එක ලකුණකින් තරගය ජයගත්ත එක ගැන. මේකට පොඩ්ඩක් ආවේගයෙන් වගේ උත්තර දුන්නු දෝණි කියලා තියෙන්නේ  ‘‘මම දන්නවා ඔයා සතුටු නැහැ අපි මේ මැච් එක ජයග්‍රහණය කරපු එකට. ඔයා ඔය විදියට ප්‍රශ්නේ අහන විදියෙන්ම මට තේරෙනවා ඒක.... ඔයා අපි දිනපු එකට සතුටු නැතිව ඇති..” කියලා.

ඒ කතාවේ වීඩියෝව එක තමයි මේ.....



Wednesday, March 23, 2016

අගමැති රනිල් උපන්දිනය සැමරූ හැටි

අගමැති රනිල් උපන්දිනය සැමරූ හැටි ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ 67 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.ඒ වෙනුවෙන්  අද (4) උදෑසන අරලියගහ මන්දිරයේ දී තේපැන් සාදයක් පැවැත්වුණු අතර එයට ජනපතිතුමා මෙන්ම මැති ඇමතිවරු කිහිපදෙනෙක් සහභාගී වී සිටියා.






Photos